AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ජාව

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා. එම සාකච්ජාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වී තිබේ.

මේ වනවිට රට තුළ උද්ගතවී ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බවයි එම රැස්වීමට සහභාගී වූ ජගත් කුමාර මන්ත්‍රීවරයා පැවසුවේ. ඊට අමතරව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම මෙන්ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.

විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් එය නිසි ක්‍රමවේදයක් අනුව සිදුකළ යුතු බවට එහිදී අදහස් මතුවී ඇත.

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අනාගතයේ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දී ඇත.

ඇමතිවරු අතර මතවාද දෙකක් පැවතීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරු මෙහිදී ප්‍රශ්න කර සිටිය බවත් සාමුහික වගකීම කැබිනට් ඇමතිවරුන්ගෙන් ආරම්භ කරලා ක්‍රියාත්මක කළ යුතු බවට එහිදී යෝජනා ඉදිරිපත් වූ බවයි වාර්තා වන්නේ.

එළඹෙන පාර්ලිමේන්තු කටයුතු සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු වූ බවත්, රටේ අපනයන ආදායම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහි දී විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?