ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ජාව

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා. එම සාකච්ජාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වී තිබේ.

මේ වනවිට රට තුළ උද්ගතවී ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බවයි එම රැස්වීමට සහභාගී වූ ජගත් කුමාර මන්ත්‍රීවරයා පැවසුවේ. ඊට අමතරව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම මෙන්ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.

විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් එය නිසි ක්‍රමවේදයක් අනුව සිදුකළ යුතු බවට එහිදී අදහස් මතුවී ඇත.

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අනාගතයේ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දී ඇත.

ඇමතිවරු අතර මතවාද දෙකක් පැවතීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරු මෙහිදී ප්‍රශ්න කර සිටිය බවත් සාමුහික වගකීම කැබිනට් ඇමතිවරුන්ගෙන් ආරම්භ කරලා ක්‍රියාත්මක කළ යුතු බවට එහිදී යෝජනා ඉදිරිපත් වූ බවයි වාර්තා වන්නේ.

එළඹෙන පාර්ලිමේන්තු කටයුතු සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු වූ බවත්, රටේ අපනයන ආදායම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහි දී විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22