AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ නුවර රැළියට ආ පිරිසක් ගමන් ගත් බසයකට ගල් ප්‍රහාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී ඊයේ (14) පැවති ජන රැළිය සහභාගී වී නැවත යමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් ලංගම බස් රථයකට මෙලෙස ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණය අරඹා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් පේරාදෙණිය තානායම ආසන්නයේ දී පස්වරු 7.00ට පමණ මෙම ගල් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් ලංගම බස් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුව තිබෙනවා.

ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ගමන්ගත් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
9
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?