ජනපතිගේ නුවර රැළියට ආ පිරිසක් ගමන් ගත් බසයකට ගල් ප්‍රහාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී ඊයේ (14) පැවති ජන රැළිය සහභාගී වී නැවත යමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් ලංගම බස් රථයකට මෙලෙස ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණය අරඹා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් පේරාදෙණිය තානායම ආසන්නයේ දී පස්වරු 7.00ට පමණ මෙම ගල් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් ලංගම බස් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුව තිබෙනවා.

ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ගමන්ගත් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38