AFC Banner
AFC Banner
Empty Ad

ජනපතිගෙන් ජේ ෂාට දුරකථන ඇමතුමක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ දිනයේ දී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අද (17) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ක්‍රිකට් ආර්බුදයෙන් එහාට ගිය ජාත්‍යන්තර දේශපාල අර්බුදයක් බවට පත්ව ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

ක්‍රිකට් තහනම දේශපාලන වශයෙන් වාසියක් කරගැනීමට උත්සාහ කිරීම ඊට හේතු වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනමට පාර්ලිමේන්තුව වගකීම ගතයුතු බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
5
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?