AFC Banner
Empty Ad
Empty Ad

ජනතාව ඉන්නේ දැඩි ආර්ථික අර්බුදයකින් හා පිඩාවකින් – නිමල් ලන්සා ජනපතිට යැවු ලිපිය මෙන්න

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති ලිපිය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

එහි සඳහන් ව ඇති කරුණු කිහිපයක් මෙහි සඳහන්,

රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස තවත් වසර 03කට වැඩි කාලයක් තමන්ට තනතුරේ රැදී සිටීමට හැකි වුවද, රටේ මහජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් හා පිඩනයකින් සිටින මෙවන් අවස්ථාවකදී ඒ පිලිබඳ කිසිදු තැකීමකින් තොරව බලා සිටීමට තමන්ගේ හෘද සාක්ෂිය කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් සඳහන් කර සිටිනවා.

එමෙන්ම සිය අමාත්‍යාංශයේ තමන් වෙත පැවරුණු වගකීම් ඉටුකිරීමේදී මුහුණු පෑමට සිදුවූ ප්‍රධාන ගැටලු කිහිපයක් පිලිබඳ ජනාධිපතිතුමා ගේ විශේෂ අවදානයට යොමු කරමින් ඉකුත් පෙබරවාරි මස 22 වෙනිදා ලිපියක් යොමු කළද, එම ලිපියේ සඳහන් කළ කරුණු කාරණා තවදුරටත් එලෙසින්ම සිදුවන බවයි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා තමාගේ හෘද සාක්ෂිය වඩා වැදගත් නිසා අද දිනයේ සිට තමන් දරු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරනය කළ බව නිමල් ලන්සා මන්ත්‍රීවරයා සිය ලිපියෙන් දන්වා තිබෙනවා.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?