ජනතාව ඉන්නේ දැඩි ආර්ථික අර්බුදයකින් හා පිඩාවකින් – නිමල් ලන්සා ජනපතිට යැවු ලිපිය මෙන්න

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති ලිපිය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

එහි සඳහන් ව ඇති කරුණු කිහිපයක් මෙහි සඳහන්,

රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස තවත් වසර 03කට වැඩි කාලයක් තමන්ට තනතුරේ රැදී සිටීමට හැකි වුවද, රටේ මහජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් හා පිඩනයකින් සිටින මෙවන් අවස්ථාවකදී ඒ පිලිබඳ කිසිදු තැකීමකින් තොරව බලා සිටීමට තමන්ගේ හෘද සාක්ෂිය කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් සඳහන් කර සිටිනවා.

එමෙන්ම සිය අමාත්‍යාංශයේ තමන් වෙත පැවරුණු වගකීම් ඉටුකිරීමේදී මුහුණු පෑමට සිදුවූ ප්‍රධාන ගැටලු කිහිපයක් පිලිබඳ ජනාධිපතිතුමා ගේ විශේෂ අවදානයට යොමු කරමින් ඉකුත් පෙබරවාරි මස 22 වෙනිදා ලිපියක් යොමු කළද, එම ලිපියේ සඳහන් කළ කරුණු කාරණා තවදුරටත් එලෙසින්ම සිදුවන බවයි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා තමාගේ හෘද සාක්ෂිය වඩා වැදගත් නිසා අද දිනයේ සිට තමන් දරු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරනය කළ බව නිමල් ලන්සා මන්ත්‍රීවරයා සිය ලිපියෙන් දන්වා තිබෙනවා.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.10
00:00
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15
Video thumbnail
මං මෝඩයන්ට උත්තර දෙන්නේ නෑ - මරික්කාර් සැර වෙයි
10:05
Video thumbnail
කළුතර ප්‍රා. සභාවේ මන්ත්‍රීලගේ වැඩ බලන්න ආ වඳුරා..හරි අපූරුවට බලන් ඉන්න හැටි
01:40
Video thumbnail
අපිට නම් දැන් සනීපයි හොඳටම - ආණ්ඩුවට දීලා අනාගත්තා
04:53