ජනතාවගේ පැත්තේ ඉන්න අයව දැන් හොයාගන්න පුලුවන්…

ජනතාව වෙනුවෙන් තීරණාත්මක පියවරක් තැබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.ඒ බව ඔහු පැවසුවේ විශ්වාසභංග දෙකක් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව කතානායකවරයාට බාර දීමෙන් පසුවයි.

ජනතා අපේක්ෂාව වන විශ්වාසභංගයට අත්සන් නොකරන සහ සහයෝගය නොදෙන මහජන නියෝජිතයන් කවුදැයි ජනතාවට දැන් හඳුනාගත හැකි බව ඔහු කියා සිටියා.එම විශ්වාසභංග දෙක අද පස්වරුවේ කතානායකවරයාට විපක්ෂ නායකවරයාගේ අතින් භාරදෙනු ලැබුවා.

එම අවස්ථාවට මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂ ප්‍රධාන සංවිධායක’ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න, මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?