ජනක රත්නායකගෙන් කෝටි තුනක අල්ලස් ඉල්ලූ සිද්ධිය ගැන නැවත පැහැදිලි වාර්තාවක් කැඳවයි

ජනාධිපති අපේක්ෂත්වය ලබාදීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් රුපියල් කෝටි තුනක අල්ලස් මුදලක් ඉල්ලා සිටි බව කියන සිද්ධියට අදාළව නැවත කරුණු පැහැදිලි කිරීමේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට නියෝග කළා.

සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණයෙන් එසේ නියම වුණා.

තම සේවාදායකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවැරදි ආකාරයට නොවන බවත්, අල්ලස් චෝදනාවකට පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නකේ නම් පළමුව 2003 අංක 09 දූෂණ හා චෝදනා පනතේ 2 වගන්තියට ප්‍රකාරව පැමිණිල්ල ලැබුණු පසුව මූලික පරීක්‍ෂණය කර තහවුරු කර ගැනීමෙන් පසුව විමර්ශන කටයුතු සිදු කළ යුතු බව ද නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් එලෙස ක්‍රියා නොකර තම සේවාදායකයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීම පිළිබඳ ව නැවත විමර්ශනයක් කරන ලෙස නීතිඥවරයා අධිකරයෙන් ඉල්ලා සිටියා.

එම සිද්ධියට අදාළව එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපතිවරයා වන නිහාල් ප්‍රේම කුමාර හා ලේකම් වන රුවන්තිලක ප්‍රේදුරු ආරච්චි යන අයවලුන් අත්අඩංගුවට ගෙන රක්ෂිතව බන්ධනාගාර ගත කර තිබූ අතර ඔවුන් මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.

එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනක රත්නායක මහතාට අපේක්ෂකත්වය දීමට මෙම සැකකරුවන් අල්ලස් ඉල්ලා ඇති බවට අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කළ බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දැක්වූවා.

මොවුන් වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ දී මුදල් ලබාගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව ද අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණා.

සැකකරුවන්ට මුදල් ලබා ගැනීමට සෙසු සැකකරුවන් ආධාර අනුබල ලබා දී ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වනු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයන් දෙදෙනාට අසත්‍ය චෝදනාවක් නගා එම පක්ෂයේ කිර්තී නාමයට ද හානියක් සිදුකර ඇති බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ නැවත කරුණු පැහැදිලි කිරීමක් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29