ජනකගෙන් අල්ලස් ඉල්ලූ ලේකම් 27 දක්වා රිමාන්ඩ්

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් මිලියන 30 ක අල්ලසක් ඉල්ලූ චෝදනාවට අත්අඩංගුවට ගත් ‘එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ‘ සභාපති සහ ලේකම්වරයා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම සැකකරුවන් එළඹෙන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි අධිකරණය නියම කළේ.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණේ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට තරග කිරීමට අවශ්‍ය නම් රුපියල් මිලියන 30ක අල්ලස් මුදලක් ලබාදෙන ලෙසටයි.

තමාගෙන් අල්ලස් ඉල්ලූ එම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා ඊයේ දිනයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා අංශයට පැමිණිල්ලක් සිදු කර තිබූ අතර එම සිදුවීමට අදාළ ව පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ චූදිත පාර්ශ්වයේ ප්‍රධානතම සැකකරුවන් දෙදෙනා වන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අගෝස්තු 27 තෙක් රිමාන්ඩ් භාරයේ තබා ගන්නා ලෙසයි.

සෙසු සැකකරුවන් සයදෙනා ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර ඔවුන් රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගල ඇප මත නිදහස් කිරීමටයි නියම කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09
Video thumbnail
පිල්ලෙයාන් සහ ඩග්ලස් යුද්ධය ඉවර කරන්න මහින්දට උදව් කළා - දෙන්නාම අද හිරේ
04:39
Video thumbnail
නව වසරේ නාමල්ට කතරගමදී වුණ දේ..
00:26
Video thumbnail
දළඳා මාළිගාවෙදි ජනපතිව මිනිස්සු වටකරගයි.."තව අවු:10ක් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි"
03:22
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48
Video thumbnail
අධ්‍යාපන ලේකම් බබා.."සමරිසි ප්‍රවර්ධනය කිරිමේ තානාපති අගමැතිතුමිය" අග්‍රාමාත්‍යතුමිය ඉවත් වෙන්න
03:04
Video thumbnail
අලුත් අවුරුද්දෙම හොඳම එකෙන් ඇමතූ රංජිත්..මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුනේ
09:29
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50


?