එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ට්විටර් සමාගමේ නව හිමිකාරීත්වය දරණ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලොන් මස්ක් වෙත විවෘත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.
සේවකන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් දන්වමින් ජගත් මහ කොමසාරිස්වරයා මෙම ලිපිය යොමුකර ඇති බව සඳහන්.
ට්විටර් සමාගමේ නව කළමනාකාරීත්වය විසින් සේවකයන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බවට විශ්වාසය පළ කරන බව අදාළ ලිපියේ දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් ගෙවුණු සතියේ විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊලොන් මස්ක් ට්විටර් සමාගමේ හිමිකාරිත්වය ලබාගැනීමත් සමඟ එම සමාගමේ සේවක කප්පාදුවක් සිදු කිරීමට සැරසෙන බවටයි.
එම සේවක කප්පාදුව එහි සේවකයන් අඩකට වැඩි පිරිසක් බවත් එම වාර්තාවල වැඩි දුරටත් දක්වා තිබුණා.




