ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ කමිඳුගෙන් සුපිරි වාර්තා 02ක්

ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා දෙකක් පිහිටුවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හැකියාව ලැබුණා.

අඩුම ඉනිම් සංඛාවක දී ටෙස්ට් ලකුණු දහස වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් හා සම තැන ගනිමින් කමිඳු අද දිනයේ එක් වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

කමිඳු මෙන්ඩිස් මේ දක්වා ටෙස්ට් ඉනිම් 13 කදී අර්ධ ශතක 04ක් සහ ශතක 05ක් සමඟ ලකුණු 1,002ක් රැස්කර සිටිනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නැංගුරම බවට මේ වනවිට පත්ව සිටින කමිඳු මෙන්ඩිස් අද තවත් වාර්තාවක් පිහිටවනු ලැබුවේ ටෙස්ට් පිටියේ වේගයෙන්ම ශතක පහක් සම්පූර්ණ කළ ආසියානු පිතිකරුවා බවට පත් වෙමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන්නට පාකිස්ථාන ක්‍රීඩක ෆවාඩ් අලාම් සමත්ව සිටියේ ඉනිම් 22 කදී ශතක පහක් වාර්තා කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
47
+1
1
+1
10
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?