ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ කමිඳුගෙන් සුපිරි වාර්තා 02ක්

ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා දෙකක් පිහිටුවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හැකියාව ලැබුණා.

අඩුම ඉනිම් සංඛාවක දී ටෙස්ට් ලකුණු දහස වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් හා සම තැන ගනිමින් කමිඳු අද දිනයේ එක් වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

කමිඳු මෙන්ඩිස් මේ දක්වා ටෙස්ට් ඉනිම් 13 කදී අර්ධ ශතක 04ක් සහ ශතක 05ක් සමඟ ලකුණු 1,002ක් රැස්කර සිටිනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නැංගුරම බවට මේ වනවිට පත්ව සිටින කමිඳු මෙන්ඩිස් අද තවත් වාර්තාවක් පිහිටවනු ලැබුවේ ටෙස්ට් පිටියේ වේගයෙන්ම ශතක පහක් සම්පූර්ණ කළ ආසියානු පිතිකරුවා බවට පත් වෙමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන්නට පාකිස්ථාන ක්‍රීඩක ෆවාඩ් අලාම් සමත්ව සිටියේ ඉනිම් 22 කදී ශතක පහක් වාර්තා කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14