ජංගම සම්භාහනයේ සුව සොයා ගිය තරුණයාට ගුටි දී කොල්ල කාලා

ජංගම සම්බාහන සේවාවක් සිදුකරගෙන යන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකර කළුතර වෙරළට ගෙන්වා ගෙන තරුණයකුට පහරදී ඔහුගේ දේපළ සොරාගත් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 27 සහ 28 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

මොවුන් අදාළ තරුණයා කළුතර වෙරළට ගෙන්වා ගෙන ඔහුට පහර දී ඔහුගේ යතුරුපැදිය, ජංගම දුරකථනය සහ මුදල් කොල්ල කා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සැකකරුවන් ජංගම ශරීර සම්භාහන සේවය සපයන බවට මුහුණු පොතේ දැන්වීම් පළකර කළුතර – නාගස්හන්දිය මුහුදු වෙරළට ගෙන්වා මේ කොල්ලකෑම සිදුකර තිබෙනවා.

සැකකරුවන් වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?