ජංගම සම්භාහනයේ සුව සොයා ගිය තරුණයාට ගුටි දී කොල්ල කාලා

ජංගම සම්බාහන සේවාවක් සිදුකරගෙන යන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකර කළුතර වෙරළට ගෙන්වා ගෙන තරුණයකුට පහරදී ඔහුගේ දේපළ සොරාගත් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 27 සහ 28 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

මොවුන් අදාළ තරුණයා කළුතර වෙරළට ගෙන්වා ගෙන ඔහුට පහර දී ඔහුගේ යතුරුපැදිය, ජංගම දුරකථනය සහ මුදල් කොල්ල කා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සැකකරුවන් ජංගම ශරීර සම්භාහන සේවය සපයන බවට මුහුණු පොතේ දැන්වීම් පළකර කළුතර – නාගස්හන්දිය මුහුදු වෙරළට ගෙන්වා මේ කොල්ලකෑම සිදුකර තිබෙනවා.

සැකකරුවන් වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16