AFC Banner
Empty Ad
Empty Ad

ජංගම දුරකථනවලට ඇබ්බැහිවීමත් එක්ක දරුවන් ට අනතුරු හැඟවීමක්

දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම තුළ හුදෙකලාව ජීවත්වීමට වැඩි නැඹුරුතාවක් දක්වන අනාගත පරපුරක් බිහිවීමේ අවදානමක් මතුව ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ ඔන්ලයින් ඉගැන්වීම්වලින් පසුවද දරුවන් දීර්ඝ කාලයක් ජංගම දුරකථනවල රැඳී සිටීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.

මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ පාසල් වසා තැබීම හමුවේ වයස අවුරුදු 18 ට අඩු දරුවන් මානසික සෞඛ්‍ය සායන වෙත පැමිණීම සියයට විස්සකින් පමණ ඉහළ ගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස ප්‍රකාශ කළා.

කාන්සාව, විශාදය, මානසික පීඩනය වැනි මානසික සෞඛ්‍ය ගැටළු දරුවන් අතර වැඩිවී ඇති බවයි ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?