AFC Banner
Empty Ad
Empty Ad

ඡායාරූප ගැනීමට යාමේදී කොටියකු වියරු වැටී ලුහුබැඳ එයි

වන සතුන් නැරඹීම සඳහා යන සංචාරකයින් එම සතුන්ට හිරිහැර වන අන්දමින් හැසිරීමෙන් වන සතුන්ට මෙන්ම සංචරකයින්ටද වන හානි සීඝ්‍රයෙන් ඉහළ නගිමින් තිබෙනවා.

ඉන්දියාවේ උත්තර්ඛාන්ඩ් ප්‍රාන්තයේ කොර්බෙට් වනෝද්‍යානයෙන් වර්තා වුණු මේ පුවත සංචාරකයින් සිව් දෙනෙකු මුහුණ පෑ බිහිසුණු අත්දැකීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසයි.

ජීප් රථයකින් වනෝද්‍යානය තුළට ඇතුළු වූ මේ පිරිස එක ගසක් යට ගිමන් හරිමින් සිටි දැවැන්ත කොටියෙකු දැක රථය නවතා ඡායාරූප ගැනීමට රථයෙන් බැස සත්වයා අසලටම ගොස් එකවර සියළුදෙනාම තම කැමරා එකවර ක්‍රියාත්මක කිරීමේදී ඉන් කෝපවූ කොටියා වියරු වැටී ඔවුන් පසු පස ලුහුබැඳීමට සැරසී තිබෙනවා.

පිරිස ඉක්මනින් ක්‍රියාත්මක වී පැමිණි රථය වෙත දිවගොස් රථයට ගොඩවී තිබෙනවා.

කොටියා රථය අසලටම පැමිණි වහා රියදුරු රථය පණගන්වා විදුලි වේගයෙන් පදවාගෙනයාමෙන් එම පිරිස දිවි ගලවා ගත් බව වනෝද්‍යාන නිලධාරීන් පවසා සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?