ඡන්දෙට පෝස්ටර් ගැසූ අටකට ලක්ෂ හතරක දඩයක්

නීති විරෝධි අයුරින් මැතිවරණ ප්‍රචාරණ සිදුකරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයින් අටදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් අය කර ගන්නා ලෙස වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

ඕමන්ත පොලිසිය පැවසූවේ නීති විරෝධි අයුරින් මැතිවරණ ප්‍රචාරණයන් සිදුකළ බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් පොලිසිය වෙත සිදුකළ දැනුම්දීමක් මත මෙම පුද්ගලයින් අටදෙනා අත්අඩංගුවට ගත් බවයි.

ඉන් අනතුරුවයි ඔවුන් මෙලෙස වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් රුපියල් 50,000 බැගින් සැකකරුවන් අටදෙනාගෙන් රුපියල් ලක්ෂක 04ක මුදලක් දඩ මුදල් වශයෙන් අයකර ගැනීමට එහි දී මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය සමයේ දී ඕමන්ත පොලිස් බල ප්‍රදේශය තුළ නීති විරෝධි අයුරින් අලවා තිබූ ප්‍රචාරණ පෝස්ටර 6,000 කට වැඩි ප්‍රමාණයක් ඕමන්ත පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර ට්‍රාන්ස්ෆෙරන්සි මැතිවරණ නිරීක්ෂණ සංවිධානය විසින් මැතිවරණ සමයේ වවුනියාව දිස්ත්‍රික්කයේ නීති විරෝධී අයුරින් සිදුකරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් සිදුකරන දැනුම්දීම්වලට සිය ස්තූතිය ට්‍රාන්ස්ෆෙරන්සි මැතිවරණ නිරීක්ෂණ සංවිධානය වෙත පුදකරන බව ද වවුනියාව දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16