ඡන්දය ගැන මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන බව අගමැති කියයි

පළාත් පාලන මැතිවරණය පවැත්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එහිදී විපක්ෂ නායකවරයා කියාසිටියේ, මැතිවරණය වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් බිලියන 10 මැතිවරණ කොමිසමට ලබා දී මැතිවරණය පැවත්වීමේ වගකීම ආණ්ඩුවට ඇති බවයි.

“පාර්ලිමේන්තු සැසිවාරය පටන් ගන්න කලින් මුද්‍රණාලයෙ නිලධාරීන්ගෙන් ඇහුවා ඇයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන්නේ කියලා. ඒ ගොල්ල කියනවා අපි ප්‍රින්ට් කරන්න සූදානම් සල්ලි ටික දෙන්න කියලා”

විපක්ෂ නායකවරයාට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මැතිවරණ කොමිසමේ නිලධාරීන් කැඳවා ඉතා ඉක්මනින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

“අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නෙ, නෑ. ඒක අවසානයක් නැති ප්‍රකාශයක්. මම අමාත්‍යවරයා හැටියට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඒ අය අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන, කොමිසමේ සියලු දෙනා එයිද මම දන්නෙ නෑ.. ඒත් ඉදිරි දිනවලදී ඉතා ඉක්මනින් කැඳවලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා”

එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ, පළාත් පාලන මැතිවරණය කවදා පවත්වයි ද යන්න පිළිබඳව කිසිවෙකුත් නොදන්නා බවයි.

”මැතිවරණය සංසාරෙ වගේ මේක කවද වෙනවාද කියලා කවුරුත් දන්නෙ නෑ. අපිට කියන්නෙත් නෑ..”

පසුව අදහස් දැක්වමින් අනුර කුමාර දිසානායක පැවසුවේ, විධායකය විසින් හිතුවක්කාර ලෙස ඡන්දය කඩාකප්පල් කරන බවයි.

“විධායකය හිතුවක්කාර ලෙස ඡන්දය කඩාකප්පාල් කරනවා. ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමේ කාර්යභාරයක්. මැතිවරණ කොමිසමේ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා විධායකය බාධා කරන නිසා තමයි. අධිකරණයේ සහනය පතන්න වෙලා තියෙන්නේ ”

පසුව නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග කියා සිටියේ, ආණ්ඩුව කිසිදු අවස්ථාවක ඡන්දය කල් දැමීමට කටයුතු කර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?