ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහභාගී වූ දෙවන තරගයෙනුත් පරාජයට පත්වන්නට සිදු වුණා.
චෙන්නායි හි එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී ඊයේ (03) පැවති මෙම තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින් ජයගත්තේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.
මේ අතර මෙම තරගයේ දී අයි.පී.එල් චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පන්ජාබ් කිංග්ස් නායක ශ්‍රෙයාස් අයියර්ට දඬුවම් පනවන්නට කටයුතු කර තිබෙනවා.
ඒ, මෙම තරගයේ දී මන්දගාමී පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන්.
ශ්‍රෙයාස් අයියර් මෙම වරදට අඛණ්ඩව දඬුවම් ලැබූ දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර ගුජරාට් ටයිටන්ස්ට එරෙහි තරගයේ දී ද මන්දගාමී පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසා ඔහුට දඬුවම් නියම කෙරුණා.
ඊයේ චෙන්නායි කණ්ඩායම පැවති තරගයේ දී මන්දගාමී පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් සහ එකම වරද දෙවරක් සිදු කිරීම හේතුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 24ක දඩයක් ශ්‍රෙයාස් අයියර්ගෙන් අයකර ගනු ලැබුවා.
ඊට අමතරව ඊයේ තරග සඳහා ක්‍රීඩා කළ ඉම්පැක්ට් ප්ලේයර් ඇතුළු පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ද, එක් ක්‍රීඩකයෙකුගෙන් රුපියල් ලක්ෂ හයක් හෝ ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 25ක් දඩ ලෙස අයකර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.













