චෙන්නායි සුපර් කිංග්ස් නමට ගුවන් යානයක් (වීඩියෝ)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තේමාවෙන් යුත් වර්ණ ගැන් වූ ගුවන් යානයක් මේ වනවිට එළිදක්වා තිබෙනවා.

නව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරයට මාස කිහිපයක් ඉතිරිව තිබිය දී ‘එතිහාඩ්’ ගුවන් සමාගමේ ගුවන් යනයෙක් මෙලෙස චෙන්නායි සුපර් කිංග්ස් තේමාවෙන් යුක්තව වර්ණ ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

චෙන්නායි කණ්ඩායමේ නිල වර්ණයන් වන දීප්තිමත් කහ සහ නිල් වර්ණවලින් ගුවන් යානය පින්තාරු කර ඇති ආකාරය දැකගත හැකි අතර, එම කණ්ඩායමේ නිල ලාංඡනය ද එහි පින්තාරු කර තිබෙනවා.

චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් වන එතිහාඩ් ගුවන් සමාගම, එයාර්බස් A320neo වර්ගයේ ගුවන් යානයක් මෙලෙස චෙන්නායි තේමාවෙන් වර්ණ ගන්වා ඇත්තේ චෙන්නායි කණ්ඩායම සහ අයි.පී.එල් තරගාවලිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්.

මෙම වෙනස්ම අත්දැකීමට චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රේක්ෂකයින් ඉහළ ප්‍රතිචාර දක්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම විශේෂ ගුවන් යානය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ගමන් බිමන් වෙනුවෙන් යෙදවීමට තවමත් තීරණය කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?