AFC Banner
AFC Banner
Empty Ad

චෙන්නායි ජයග්‍රහණයෙන් IPL ප්‍රසාද ලකුණු සටහනේ වෙනසක් – මතිෂගෙන් සුපිරි පන්දු යැවීමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (28) රාත්‍රියේ පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 78ක ජයක් හිමිවුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානයේ සිට ස්ථාන 03කින් ඉදිරියට පැමිණීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

චෙන්නායි හි එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට චෙන්නායි කණ්ඩායමට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 212ක්.

එහිදී චෙන්නායි නායක රුතුරාජ් ගයික්වාඩ් සුපිරි ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 54ක් තුළ ලකුණු 98ක් රැස්කළ අතර, ඩැරල් මිචෙල් ලකුණු 52ක් චෙන්නායි ලකුණු පුවරුවට එක් කළා.

බුවනේෂ්වර් කුමාර්, ටී නටරාජන් සහ ජයදේව් උනද්කට් විසින් චෙන්නායි ඉනිමේ බිඳ වැටුණු කඩුලු 03ට හිමිකම් කීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 213ක ඉලක්කයක් හඹා යාමට හයිද්‍රාබාද් ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර, වෙනදා මෙන් සුපිරි ආරම්භයක් මෙම තරගයේ දී ලබාදීමට ආරම්භක පිතිකරුවන් යුගළය වන ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මාට අවස්ථාව හිමිවුයේ නැහැ.

කෙසේ වෙතත් හයිද්‍රාබාද් ඉනිම තරමක් ඉහළට ඔසවා තබන්නට උත්සාහයක නිරත වූ ඒඩන් මාක්‍රම් ලකුණු 32ක් රැස්කළ අතර, සුපිරි යෝකර් පන්දුවකින් ඔහුව දවාගන්නට මතීෂ පතිරණ සමත් වුණේ ජයග්‍රහණය චෙන්නායි දෙසට හරවමින්.

මෙවර තරගාවලියේ ප්‍රවේගකාරී පිතිකරුවෙක් බවට පත්ව සිටින හෙන්රිච් ක්ලාසන්ගේ කඩුල්ල ද මතීෂ පතිරණ විසින් දවාගත් අතර, හෙන්රිච් ක්ලාසන් ඊයේ තරගයේ දී රැස් කළේ ලකුණු 20ක් පමණයි.

මාක්‍රම් සහ ක්ලාසන් හැරෙන්නට අනෙකුත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පැමිණීමට චෙන්නායි පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ, අනුව පන්දුවාර 18යි පන්දු 05ක් තුළ හයිද්‍රාබාද් ක්‍රීඩකයින් සියල්ලන දැවී රැස් කළේ ලකුණු 134ක් පමණයි.

පන්දු යැවීමේ දී තුෂාර් දේශපාන්ඩේ කඩුලු 04කක් දවාගත් අතර, මුස්තාෆිසුර් රහ්මාන් කඩුලු 02ක් බිඳ දැමුවා.

මතීෂ පතිරණ පන්දුවාර 02ක් තුළ ලකුණු 17ක් පමණක් ලබාදී කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

මේ අතර හයිද්‍රාබාද් කණ්ඩායම ලැබූ මෙම පරාජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ ඒක්‌ ස්ථානයක් පහළට පැමිණ තිබෙනවා.

තරගයේ විශේෂ අවස්ථා මෙතැනින්..

01 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
2
+1
6
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?