චීවරධාරයෙක් ලෙසට පෙනී සිට මෙහෙණියක් සමග සිඟමනේ ගිය අයෙක් අත්අඩංගුවට

චීවරධාරියෙකු ලෙසට පෙනී සිටිමින් දරුවන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බම්බලපිටිය ශින්ති විහාරයේ වැඩවසන හිමිනමක් විසින් ඊයේ බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ සිවුරු පොරවාගත් පුද්ගලයෙකු මෙහෙණින් වහන්සේ නමක සහ දරුවන් දෙදෙනෙකු සමගින් ගෙන් ගෙට ගොස් සිඟමන් යදින බවටයි.

ඒ අනුව සිදු කළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලංගොඩ ගලහේනකන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරුක 38 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සතුව භික්ෂු හැඳුනුම්පතක් තිබී නොමැති බව සඳහන්.

සැකකරු නාරම්මල ප්‍රදේශයේ පිරිවෙනක පෙදරේරුවරයෙක් ලෙසට කටයුතු කර එම ප්‍රදේශයේ විහාරස්ථානයක කෙටි කාලයක් පැවිදිව සිට පසුව විහාරස්ථානය හැරගොස් ඇති බවටයි පොලිස් විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා සමග සිටි අවුරුදු 13ක පිරිමි දරුවා සහ අවුරුදු 14ක ගැහැණු දරුවා සැකකරුගේ දරුවන් දෙදෙනා බව ද හෙළිවී තිබෙනවා.

ඔහු අන් අයෙකු ලෙසට පෙනී සිටිමින් තම දරුවන් කෲරත්වයට පත් කිරීමේ වරද මත බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් සමග සිටි භික්ෂුණියට ලියාපදිංචි භික්ෂු හැඳුනුම්පතක් සන්තකයේ තිබී ඇති අතර දරුවන් ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියයයි පරීක්ෂණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
3
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48