spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීවරධාරයෙක් ලෙසට පෙනී සිට මෙහෙණියක් සමග සිඟමනේ ගිය අයෙක් අත්අඩංගුවට

චීවරධාරියෙකු ලෙසට පෙනී සිටිමින් දරුවන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බම්බලපිටිය ශින්ති විහාරයේ වැඩවසන හිමිනමක් විසින් ඊයේ බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ සිවුරු පොරවාගත් පුද්ගලයෙකු මෙහෙණින් වහන්සේ නමක සහ දරුවන් දෙදෙනෙකු සමගින් ගෙන් ගෙට ගොස් සිඟමන් යදින බවටයි.

ඒ අනුව සිදු කළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලංගොඩ ගලහේනකන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරුක 38 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සතුව භික්ෂු හැඳුනුම්පතක් තිබී නොමැති බව සඳහන්.

සැකකරු නාරම්මල ප්‍රදේශයේ පිරිවෙනක පෙදරේරුවරයෙක් ලෙසට කටයුතු කර එම ප්‍රදේශයේ විහාරස්ථානයක කෙටි කාලයක් පැවිදිව සිට පසුව විහාරස්ථානය හැරගොස් ඇති බවටයි පොලිස් විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා සමග සිටි අවුරුදු 13ක පිරිමි දරුවා සහ අවුරුදු 14ක ගැහැණු දරුවා සැකකරුගේ දරුවන් දෙදෙනා බව ද හෙළිවී තිබෙනවා.

ඔහු අන් අයෙකු ලෙසට පෙනී සිටිමින් තම දරුවන් කෲරත්වයට පත් කිරීමේ වරද මත බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් සමග සිටි භික්ෂුණියට ලියාපදිංචි භික්ෂු හැඳුනුම්පතක් සන්තකයේ තිබී ඇති අතර දරුවන් ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියයයි පරීක්ෂණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
3
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?