චීන සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් හෙට දිවයිනට

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් හෙට (31) රාත්‍රියේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

එම එන්නත් මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වුණා.

එමෙන්ම, අදාළ එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

චීන සිනොෆාම් කොරෝනා එන්නත් මේ වන විට ලොව රටවල් රැසක් භාවිත කරන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාවිතයෙන් සියයට 86ක ශක්‍යතාවක් පෙන්නුම් කළා.

එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ නිෂ්පාදනය කිරීමට ද පියවර ගනිමින් සිටිනවා.

ජල්ෆාර් හෙවත් ගල්ෆ් ඖෂධ කර්මාන්ත ආයතනය ප්‍රකාශ කළේ අබුඩාබි හිදී ලබන මාසයේ සිට එම එන්නත නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවයි.

මේ අතර, මාත්‍රා දෙකකින් සමන්විත චීන සිනොෆාම් එන්නතට අතිරේක වර්ධක මාත්‍රාවක් ලබාදිය යුතු ද යන්න පිළිබදව සිනොෆාම් ආයතනය පර්යේෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

විශේෂයෙන් කොරෝනා එන්නතේ විකෘති මාදිලිවලට එරෙහිව එවැනි වර්ධකයක් ලබාදීම වැදගත් වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.  

මේ අතර, ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 215ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම මරණ 05ක් ද ඊයේ (29) දිනයේ වාර්තා වූ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 566 දක්වා ඉහළ ගියා.

යාපනය දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම ඊයේ දිනයේත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 26 ක් වාර්තා වී ඇති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආරුමුගම් කේදීස්වරන් සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38