චීන තානාපති සහ ඇමති විජිත අතර හමුවක්

මෙරට චීන තානාපති කී ෂෙන්හොං සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් සිදුව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශයේ දී අද (29) පෙරවරුවේ මෙම හමුව සිදුවූ බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය, විශිෂ්ට සහයෝගීතාවය සහ නව වසරේදී රටවල් දෙක අතර මෙම කල් පවත්නා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි එක්ස් සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් පවසන්නේ.

එමෙන්ම විදුලි රථ වාහන ආරෝපණ මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමට චීන රජයේ අවධානය යොමු කරන්නැයි අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා තිබෙනවා.

චීනය ඇතුළු ලෝක රථවාහන වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථ වාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳවයි මෙහිදී අවධානය යොමු කර ඇත්තේ.

මේ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමටද චීන රජයෙන් කඩිනම් සහාය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

අදාළ යෝජනා ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා ඒ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?