චීන ජනපති හා මෙරට ජනපති අද පස්වරුවේ හමුවෙයි

චීනයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එරට ජනාධිපති ෂී – ජින් – පිං මහතා අද (15) පස්වරුවේ හමුවීමට නියමිතව තිබෙනවා.

චීන මහජන ශාලාවේ දී චීන ජනාධිපතිවරයා ව මෙරට ජනාධිපතිවරයාට සම්මුඛ වීමට නියමිත ව බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (14) නිවේදනය කළේ.

චීනයේ ඇරයුමක් මත සිව්දින නිල සංචාරයකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතයි.

චීනය බලා මෙරට ජනාධිපතිවරයා පෙරේදා (13) රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළින් පිටත් ව ගිය අතර එරට වේලාවෙන් ඊයේ පෙරවරු 10.25ට පමණ බීජිං ගුවන්තොටුපොළ වෙත ළඟා වුණා.

චීන සාම්ප්‍රදායිකත්වයට මුල් තැන දෙමින් රාජ්‍ය නායකයෙකුට දෙන ඉහළම ගෞරව ආචාර සහ ආරක්ෂාව මධ්‍යයේ චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා ව එරට රජයෙන් පිළිගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?