චීන ජනපති උතුරු කොරියානු නායකයාට ලියයි

චීන ජනාධිපති ෂී ජින්පිංග් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

දෙරට අතර සන්නිවේදන සබඳතා සහ සහයෝගීතාවය පුළුල් කරගැනීමට කටයුතු කරන ලෙස චීන ජනාධිපතිවරයා මෙම ලිපිය මඟින් උතුරු කොරියානු නායකයාගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

ඔහු එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ චීනය සහ උතුරු කොරියාව අතර සබඳතා පුළුල් කරගැනීම අන් කවරදාටත් වඩා වැදගත් සාධකයක් වනු ඇති බවයි.

පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික සම්මේලනයට පෙර උතුරු කොරියානු නායක කිම් ජොං අන් වෙත චීන ජනාධිපතිවරයා විසින් මෙම ලිපිය යොමුකර තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?