logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

චීන – අමෙරිකාව අභ්‍යවකාශ හුවමාරුව ගැන විවෘත ස්ථාවරයක්

චීන – අමෙරිකා අභ්‍යවකාශ හුවමාරු හා සහයෝගීතාව පිළිබඳ ව විවෘත ස්ථාවරයක් දරන බව චීනය
පවසනවා.

‘චැන්ග් ඊ 6’ මෙහෙයුමෙන් පසුව අභ්‍යවකාශ සහයෝගීතා පිළිබඳ ඇරයුමක් ද ලොවට ඉදිරිපත් කර ඇති චීනය, චන්ද්‍රයාගේ සාම්පල පිළිබඳ පර්යේෂණ සඳහා විවිධ රටවල විද්වතුන් සහභාගි කරවා ගැනීමට ද අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය 28 වැනිදා ඇමරිකානු ජාතික අභ්‍යවකාශ දෙපාර්තමේන්තු ප්‍රකාශකයා කළ ප්‍රකාශයකට
ප්‍රතිචාර දක්වමින්, අද (02) පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මෙම අදහස් පළ කළා.

චීනය, සඳේ අඳුරු ප්‍රදේශයෙන් සාම්පල ලබා ගැනීමේ මෙහෙයුමේ දී ප්‍රංශය, ඉතාලිය, පාකිස්ථානය හා යුරෝපා අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව සමග සහයෝගිතා පවත්වා ඇතත්, ඒ සඳහා ඇමරිකාවේ NASA ආයතනයේ සහභාගි කර නොගත් බව ඇමරිකානු ජාතික අභ්‍යවකාශ දෙපාර්තමේන්තු ප්‍රකාශකයා පවසා තිබුණා.

මේ සම්බන්ධයෙන් මාඕ නින්ග් (Mao Ning) කියාසිටියේ, NASA ආයතනය සහ ධවල මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලයේ සම්බන්ධීකරණ යටතේ සිදු කෙරෙන චීන – ඇමරිකානු ඒකාබද්ධ විද්‍යා හා තාක්ෂණ ක්‍රියාකාරකම් තහනම් කිරීමේ ඇමරිකානු පනත ඔවුන්ට අමතක වී මෙවැනි චෝදනා එල්ල කරන බවයි.

මේ පනත හේතුවෙන් චීනය සමග අභ්‍යවකාශ සහයෝගිතා පැවැත්වීමට ඇමරිකාවේ විද්‍යාඥයන්ට හා ආයතනවලට ද අවසර හිමි ව නැති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?