චීනය වෙනුවට ශ්‍රී ලංකාව ඉන්දියාවට නැඹුරුවෙයි

ශ්‍රී ලංකාව තුළ චීන ආධිපත්‍යය තුලනය කිරීම ඉලක්ක කරගත් උපායමාර්ගික පියවරක් ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව තීරණාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා වැඩි වැඩියෙන් ඉන්දියානු සමාගම් වෙත හැරී ඇතැයි නික්කෙයි ඒෂියා (Nikkei Asia) වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඉන්දියාවේ Adani Green Energy සමඟ වසර 20ක විදුලි මිලදී ගැනීමේ ගිවිසුමකට මෑතදී අනුමැතිය දීමෙන් ශ්‍රී ලංකාව සිය යටිතල පහසුකම් හවුල්කාරිත්වය විවිධාංගීකරණය කිරීමට දරණ උත්සාහය අවධාරනය කරන බව වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං බලාගාර සඳහා ඩොලර් මිලියන 442ක ආයෝජනයක් කළ Adani විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දියාවේ වර්ධනය පෙන්නුම් කරන බව නික්කෙයි ඒෂියා වාර්තාවේ සඳහන්.

එපමණක් නොව, ඉන්දියානු-රුසියානු සමුහයක් විසින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පාලනය ලබාගැනීම ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල ව්‍යුහය තුළ ඉන්දියාවේ පැවැත්ම තවදුරටත් තහවුරු කරන බව නික්කෙයි ඒෂියා පවසනවා.

මෙම වර්ධනයන් පැමිණෙන්නේ දකුණු ආසියාවේ චීනයේ ව්‍යාප්ත වන බලපෑමට එරෙහි වීමේ ඉන්දියාවේ සාමූහික උත්සාහයන් මධ්‍යයේයි.

අදානි සමූහයේ ආයෝජනයෙන් ක්‍රියාත්මක කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය මෙන්ම විශේෂ ආර්ථික කලාප වැනි ව්‍යාපෘති සමගින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙක් ලෙස උපායමාර්ගිකව ස්ථානගත වී සිටිනවා.

වරක් “ලෝකයේ හිස්ම ගුවන් තොටුපළ” ලෙස නම් කරන ලද මත්තල අත්පත් කර ගැනීම, ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ මැදිහත්වීමේ පුළුල් භූ දේශපාලනික ඇඟවුමක් බව නික්කෙයි ඒෂියා පෙන්වා දෙනවා.

වර්තමානයේ චීනය විසින් කළමනාකරණය කරනු ලබන හම්බන්තොට වරායට ආසන්නයේ පිහිටා ඇති මත්තල ගුවන් තොටුපොළේ උපායමාර්ගික පිහිටීම ඉන්දියාව සහ චීනය අතර භූ දේශපාලනික ආතතියේ දී වැදගත්කම කේන්ද්‍රයක්.

නික්කෙයි ඒෂියා වෙත අදහස් පළකරමින් සමුද්‍රීය විශේෂඥ රොහාන් මාසකෝරල පෙන්වා දෙන්නේ ඉන්දියන් සාගරයේ වෙළදාම සහ සාමකාමී ක්‍රියාකාරකම් පෝෂණය කරමින් ගෝලීය බලවතුන් සමඟ කරන කටයුතුවලදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කළ යුතු බවයි.

ගැටුම් අවම කිරීම සහ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව, චීනය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර පාලම් ගොඩනැගීමේ වැදගත්කම ඔහු අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ සංකීර්ණ භූ දේශපාලනික භූ දර්ශනයේ සැරිසරන විට, එහි උපායමාර්ගික තීරණ ස්වකීය අනාගතය පමණක් නොව කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව ද හැඩගස්වන බව නික්කෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26