Empty Ad
Empty Ad
AFC Banner

චීනය බන්ධනාගාර සංඛ්‍යාව පුළුල් කරයි

චීනයේ විශේෂිත රැඳවුම් පහසුකම් සහිත නව බන්ධනාගාර 200කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට එරට රජය තීරණය ක‍ර තිබෙනවා.

දූෂණ විරෝධී මෙහෙයුම වේගවත් කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගත් තීරණයට අනුව කටයුතු කිරීම වෙනුවෙන් මෙම බන්ධනාගාර ඉදිකෙරෙන බව සඳහන්.

එහිදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නීති උපදේශකයින් හෝ පවුලේ සාමාජිකයින් හමුවීමකින් තොරව මාස 06ක කාලයක් රඳවා තැබීම සඳහා අදාළ බන්ධනාගාර ඉදිකිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසන්නේ.

ලියුෂි ලෙස හැඳින්වූ මෙම බන්ධනාගාර 2018 වසරේ දී ද ඉදිකිරීමට පියවර ගෙන තිබූ අතර අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් එම මධ්‍යස්ථානවල දී විවිධ වධ හිංසනවලට ලක් කරන බවට ද චෝදනා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?