AFC Banner
Empty Ad
Empty Ad

චීනය තුළ බීබීසී ලෝක පුවත් විකාශන කටයුතු අත්හිටුවයි

චීනය තුළ බීබීසී ලෝක පුවත් විකාශන කටයුතු අත්හිටුවීමට කටයුතු කළ බව එරට ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී පරිපාලනය (NRTA) කියා සිටියි.

සත්‍යයෙන් තොරව හා පක්ෂපාතීව, චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවට දැඩිව පහර ගසමින් කටයුතු කිරීමත්, චීනය ආශ්‍රිත වාර්තාවලදී බරපතළ ලෙස රෙගුලාසි උල්ලංඝනය කිරීමත් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකළ බව එරට නියාමකයා කියයි.

බීබීසී ලෝක පුවත් සේවය විසින් ගුවන්විදුලි සහ රූපවාහිනී කළමනාකරණය සහ විදේශීය චන්ද්‍රිකා නාළිකා කළමනාකරණය පිළිබඳ චීනය ආශ්‍රිත වාර්තාවල බරපතළ රෙගුලාසි උල්ලංඝනය වීම් පවතින බවත්, වාර්තාකරණයේදී අවශ්‍ය වන සත්‍ය සහ අපක්ෂපාතී බව එහි දැකිය නොහැකි අතර, එය චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවට අගතියක් සිදුකරමින් කටයුතු කරන බවත් පෙන්වා දෙයි.

“විදේශීය නාලිකාවක් ලෙස චීනයේ විකාශනය කිරීමේ අවශ්‍යතා සපුරාලීමට නාලිකාව අපොහොසත් වී ඇති හෙයින්, බීබීසී ලෝක පුවත් වෙත චීන භූමිය තුළ සිය සේවය දිගටම කරගෙන යාමට අවසර ලැබෙන්නේ නැහැ. නව වසර සඳහා නාලිකාවේ විකාශන අයදුම්පත NRTA භාර නොගනු ඇති” චීනයේ නියාමකයා ප්‍රකාශයකින් පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?