Empty Ad
AFC Banner
Empty Ad

ව්‍යාජ කොරෝනා එන්නත් නිපදවීමේ ජාවාරමක්: වෙනත් රටවලටත් අලෙවි කරලා

ව්‍යාජ කොරෝනා මර්දන එන්නත් නිපදවූ 80කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අද (2) වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ව්‍යාජ එන්නත් මාත්‍රා 3000කට අධික ප්‍රමාණයක් රාජසන්තක කළ බවත් චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.

එන්නත් ආශ්‍රිත අපරාධ මැඩලීමේ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාජ එන්නත් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

සේලයින් ද්‍රාවණයක් මෙලෙස එන්නත් ලෙස යොදාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම ව්‍යාජ එන්නත් චීනය තුළ මෙන් ම වෙනත් රටවලට ද අලෙවි කර ඇතැයි වාර්තා වන අතර එම රටවල් මොනවා ද යන්න තවමත් සම්ර්පූර්ණයෙන් අනාවරණය කරගෙන නොමැත.

බීජිං, ජියැන්ෂු සහ ෂැන්ඩොන් යන පොලිස් මූලස්ථානවල නිලධාරීන් මෙම ව්‍යාජ එන්නත් නිපදවීමේ ජාලය අනාවරණය කර ගැනීමට සමත්ව ඇත.

මෙලෙස එන්නත් නිපදවූ කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මස සිට සක්‍රීයව පැවත ඇති බව අනාවරණය වී තිබේ.

මේ අතර එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය පිළිබඳව අනෙකුත් රටවල් දැනුවත් කිරීමට කටයුතු කළ බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි කියන්නේ අපේ 'සුපර් ස්ටාර්' - පාර්ලිමේන්තු මන්ත්‍රිනියන්ගේ FB Comment කියවපු බිමල්
Video thumbnail
අගස්සි මාලයයි බෝරිච්චි හැට්ටයයි කොච්චර හැඩයිද?
00:36
Video thumbnail
කාන්තා දිනයේ පාර්ලිමේන්තුවට ගිය ඉෂාරා සෙව්වන්දි - ආණ්ඩුවට හික් ගෑවුණ සුපිරි කතාව තාම ඇහුවේ නැද්ද ?
26:20
Video thumbnail
රට වෙනුවෙන් Fight කරන සවි එසවීමේ ශූරයාගේ ඉල්ලීම
30:49
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.08
04:03:45
Video thumbnail
කාන්තා දිනයේ තරතා අතුකෝරාළගෙන් විශේෂ ප්‍රකාශයක්
10:48
Video thumbnail
ගෝඨාභය පාලන සමයේ නන්නත්තාර වූ - පාවෙන වෙළඳසැල් හිමියන්ට මාලිමා ආණ්ඩුවෙන් ජපන් ව්‍යාපෘතියක්
14:27
Video thumbnail
දැන් සැප කනේ - ඇන්ටිට නහුතෙට මල පනී - අඳුරන අයට කෝච්චියේ හොඳ සීට් - කෝච්චියේ උද්ඝෝෂණය...
03:50
Video thumbnail
හත්වලාමේ මතක තියාගන්න ඔය කියන හරක්ට කිසිම මොළේ කළඳක් නැද්ද ?
07:00
Video thumbnail
කවුරු කොහොම කිව්වත් යළිත් පිපෙන නාමල්
05:22

?