ව්‍යාජ කොරෝනා එන්නත් නිපදවීමේ ජාවාරමක්: වෙනත් රටවලටත් අලෙවි කරලා

ව්‍යාජ කොරෝනා මර්දන එන්නත් නිපදවූ 80කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අද (2) වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ව්‍යාජ එන්නත් මාත්‍රා 3000කට අධික ප්‍රමාණයක් රාජසන්තක කළ බවත් චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.

එන්නත් ආශ්‍රිත අපරාධ මැඩලීමේ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාජ එන්නත් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

සේලයින් ද්‍රාවණයක් මෙලෙස එන්නත් ලෙස යොදාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම ව්‍යාජ එන්නත් චීනය තුළ මෙන් ම වෙනත් රටවලට ද අලෙවි කර ඇතැයි වාර්තා වන අතර එම රටවල් මොනවා ද යන්න තවමත් සම්ර්පූර්ණයෙන් අනාවරණය කරගෙන නොමැත.

බීජිං, ජියැන්ෂු සහ ෂැන්ඩොන් යන පොලිස් මූලස්ථානවල නිලධාරීන් මෙම ව්‍යාජ එන්නත් නිපදවීමේ ජාලය අනාවරණය කර ගැනීමට සමත්ව ඇත.

මෙලෙස එන්නත් නිපදවූ කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මස සිට සක්‍රීයව පැවත ඇති බව අනාවරණය වී තිබේ.

මේ අතර එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය පිළිබඳව අනෙකුත් රටවල් දැනුවත් කිරීමට කටයුතු කළ බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34