චීනයේ මෝටර් රථ අංශයත් කඩා වැටෙන ලකුණු

චීනයේ අඛණ්ඩ ආර්ථික අභියෝග පිළිබිඹු කරමින් අගෝස්තු මාසයේ වාහන අලෙවිය අඛණ්ඩව තුන්වන මාසයටත් පහත වැටුණා.

මේ සතියේ නිකුත් කරන ලද දත්ත පෙන්නුම් කරන්නේ දුර්වල පාරිභෝගික වියදම් හේතුවෙන් මගී සහ පවුලේ මෝටර් රථ සඳහා දේශීය ඉල්ලුම දුර්වල වී ඇති බවයි.

අපනයනය ඇතුළුව සමස්ත වාහන අලෙවිය පෙර වසරට සාපේක්ෂව සියයට 5 කින් අඩු වී ඇති අතර එය දැන් ඒකක මිලියන 2.45ක් බව Nikkei Asia වාර්තා කරනවා.

චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය (CAAM) අනාවරණය කළේ දේශීය මගී මෝටර් රථ අලෙවිය සියයට 9.4 කින් පහත වැටී ඇති අතර එය ඒකක මිලියන 1.74ක් බවයි.

මෙම ප්‍රවණතාවලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා, චීන රජය නව මෝටර් රථ අලෙවිය දිරිමත් කිරීම සහ පැරණි වාහන ප්‍රතිස්ථාපනය කිරීම ඉලක්ක කර ගනිමින් සහනාධාර පිරිනැමීමට ද තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, විකුණුම් පහත වැටීම ආපසු හැරවීමට මෙම දිරිගැන්වීම් ප්‍රමාණවත් වී නැති බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා.

ඒ අතරම, වාණිජ වාහන අලෙවිය ද සියයට 20.9කින් පහත වැටී තිබෙනවා.

වානිජ වාහන අලෙවියේ පහත වැටීම යටිතල පහසුකම් ඉදිකිරීමේ දුර්වල ආයෝජන සහ සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් බවට පත්ව ඇති පිරිහෙමින් පවතින දේපල වෙළඳාම් අංශය සමඟ සමීපව බැඳුණක්.

ඉදිකිරීම් ක්‍රියාකාරකම් අඩුවීම වාණිජ ප්‍රවාහනය සඳහා ඇති ඉල්ලුමට සෘජුවම බලපාන අතර එය විකුණුම් අඩුවීමට හේතු වන බව Nikkei Asia වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
5
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51

?