බැංකොක් හි පාරිභෝක ආරක්ෂණ පොලිසිය කළ වැටලීමක දී චීනයෙන් හොරෙන් ගෙන්වන ලද ව්‍යාජ සන්නාම සහිත සුවඳ විලවුන් තොගයක් සොයා ගෙන තිබෙනවා.
ගබඩා පහක තිබී හමු වූ සුවඳ විලවුන් නිෂ්පාදන ගණන 34,000ක්.
එහි වටිනාකම තායි බාත් මිලියන 4.3ක් බව බැංකොක් පෝස්ට් වාර්තා කළා.
ව්‍යාජ සුවඳ විලවනුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවිකරුවෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු ලද තොරතුරු මත මෙම වැටලීම කර ඇතැයි පුවත්පත් වාර්තාවේ සඳහන්.
සොයා ගත් ව්‍යාජ නිෂ්පාදන ගබඩා කර තිබී ඇත්තේ කුලී පදනම මත ලබා ගත් ගබඩා තුළයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1





