චීනයට සම්බාධක පනවන්න අමෙරිකානු සෙනෙට් සභාවට පනත් කෙටුම්පතක්

එක්සත් ජනපද සෙනෙට් සන්නද්ධ සේවා කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු තායිවානයට ප්‍රහාර එල්ල කළහොත් චීනයට එරෙහිව පුළුල් පරාසයක සම්බාධක පනවන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

සෙනෙට් සභිකයින් වන ඩෑන් සුලිවන් සහ ටම්මි ඩක්වර්ත් යෝජිත 2024 තායිවාන පනත් කෙටුම්පත හරහා මහජන විමුක්ති හමුදාව, තායිවානයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් දියත් චීනයට බරපතළ හා විස්තීර්ණ ආර්ථික, බලශක්ති, මූල්‍ය සහ වෙනත් සම්බාධක පැනවීමට යෝජනා කර තිබෙනවා.

සම්බාධකවලට “චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් සහ චීන මූල්‍ය ආයතන සහ කාර්මික අංශ ඉලක්ක කිරීම මෙන්ම ආයෝජන සමාගම් ඇතුළු එක්සත් ජනපද මූල්‍ය ආයතන, සීසීපීයට ප්‍රතිලාභ ලබා දෙන හෝ අනුබද්ධිත චීන ආයතනයක කිසිදු ආයෝජනයක් කිරීම තහනම් කිරීම” ඇතුළත්.

මෙම පනත මගින් එක්සත් ජනපදයට චීනය විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය කිරීම සීමා කරනු ඇත.

“මෙම අනතුරුදායක කාලවල දී, අමෙරිකාව, තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ස්ථාවර, නොසැලෙන ද්විපාර්ශ්වික කැපවීම සහ අධිෂ්ඨානය පෙන්වීම ඉතා වැදගත් වේ,” සුලිවන් පැවසුවා.

චීනයෙන් උග්‍ර වන තර්ජනවලට මුහුණ දෙන තායිවානයට ගෝලීය නායකයෙකු ලෙස එක්සත් ජනපදය සහාය දැක්වීම වැදගත් බව ටම්මි ඩක්වර්ත් පෙන්වා දෙනවා.

සෙනෙට් සභිකයින් දෙදෙනා මැයි මාසයේදී තායිවානයට පැමිණි එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූ අතර සිය සංචාරයේ දී ඔවුන් තායිවාන ජනාධිපතිවරයා ද හමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55


?