චීනයට සම්බාධක පනවන්න අමෙරිකානු සෙනෙට් සභාවට පනත් කෙටුම්පතක්

එක්සත් ජනපද සෙනෙට් සන්නද්ධ සේවා කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු තායිවානයට ප්‍රහාර එල්ල කළහොත් චීනයට එරෙහිව පුළුල් පරාසයක සම්බාධක පනවන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

සෙනෙට් සභිකයින් වන ඩෑන් සුලිවන් සහ ටම්මි ඩක්වර්ත් යෝජිත 2024 තායිවාන පනත් කෙටුම්පත හරහා මහජන විමුක්ති හමුදාව, තායිවානයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් දියත් චීනයට බරපතළ හා විස්තීර්ණ ආර්ථික, බලශක්ති, මූල්‍ය සහ වෙනත් සම්බාධක පැනවීමට යෝජනා කර තිබෙනවා.

සම්බාධකවලට “චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් සහ චීන මූල්‍ය ආයතන සහ කාර්මික අංශ ඉලක්ක කිරීම මෙන්ම ආයෝජන සමාගම් ඇතුළු එක්සත් ජනපද මූල්‍ය ආයතන, සීසීපීයට ප්‍රතිලාභ ලබා දෙන හෝ අනුබද්ධිත චීන ආයතනයක කිසිදු ආයෝජනයක් කිරීම තහනම් කිරීම” ඇතුළත්.

මෙම පනත මගින් එක්සත් ජනපදයට චීනය විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය කිරීම සීමා කරනු ඇත.

“මෙම අනතුරුදායක කාලවල දී, අමෙරිකාව, තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ස්ථාවර, නොසැලෙන ද්විපාර්ශ්වික කැපවීම සහ අධිෂ්ඨානය පෙන්වීම ඉතා වැදගත් වේ,” සුලිවන් පැවසුවා.

චීනයෙන් උග්‍ර වන තර්ජනවලට මුහුණ දෙන තායිවානයට ගෝලීය නායකයෙකු ලෙස එක්සත් ජනපදය සහාය දැක්වීම වැදගත් බව ටම්මි ඩක්වර්ත් පෙන්වා දෙනවා.

සෙනෙට් සභිකයින් දෙදෙනා මැයි මාසයේදී තායිවානයට පැමිණි එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූ අතර සිය සංචාරයේ දී ඔවුන් තායිවාන ජනාධිපතිවරයා ද හමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46