චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂයින් ජනපති හමුවෙයි

එක්සත් රාජධානියේ බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද රාජාභිෂේක කඳවුරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ, බාලදක්ෂිකාවන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (07) ලන්ඩන් නුවර දී සිදු වුණා.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දුගේ ඉල්ලීමකට අනුවයි මෙම හමුව සංවිධානය කර තිබුණේ.

ශලිනි පෙරේරා, අරිතා බණ්ඩාර, අසේල් බණ්ඩාර සහ සරිත් ප්‍රනාන්දු යන බාලදක්ෂ, බාල දක්ෂිකාවන් සිවුදෙනා රාජාභිෂේකය සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම නියෝජනය කළා.

ඔවුන් සමඟ සුහඳ කථා බහක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෝලීය දේශගුණික අර්බුදය ඇතුළු ජාතික හා ගෝලීය අවශ්‍යතා සඳහා ක්‍රියාකාරීව නිරත වීමට බාලදක්ෂ, බාලදක්ෂිකාවන් දිරිමත් කරනු ලැබුවා.

රටේ අනාගත නායකත්වය භාරගැනීමට තරුණ පරපුර සූදානම් විය යුතු ආකාරය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කරුණු පෙන්වා දී තිබෙනවා.

මේ අතර මහා තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නිල සංචාරය අවසන් කරමින් අද (08) උදෑසන දිවයිනට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13