තුන්වන චාල්ස්ගේ රාජාභිෂේකයට කිරුළ අලුත් වෙයි

2023 වසරේ මැයි 06 වනදා පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් එළිසබෙත් රැජිණ පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව බකිංහැම් මාළිගාව නිවේදනය කළේ ඔටුන්න සහ ආභරණවල ඓතිහාසික කේන්ද්‍රස්ථානය වන ලන්ඩන් කුළුණෙන් එය ඉවත් කර ඇති බවයි.

ශාන්ත එඩ්වඩ්ස් කිරුළ ලෙස හැදින්වෙන මෙම ඔටුන්න රාජාභිෂේකයෙන් පසුව නැවතත් තැන්පත් කර තැබෙන්නේ ලන්ඩන් කුළුණ තුළයි.

සම්ප්‍රදායට අනුව, වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන රාජාභිෂේක දේව මෙහෙයේදී රජු ශාන්ත එඩ්වඩ් කිරුළෙන් ඔටුනු පැළඳිය යුතු වනවා.

ඒ, අනුව මෙම ශාන්ත එඩ්වඩ් කිරුළ ලන්ඩන් කුළුණෙන් ඉවතට ගෙන මෙම කිරුළ නවීකරණය ආරම්භ කර ඇති බවයි බකිංහැම් මාලිගාව වැඩි දුරටත් සඳහන් කළේ.

ශාන්ත එඩ්වඩ් කිරුළ යනු ඔටුනු අභිෂේක අවස්ථාවේ ඓතිහාසිකව භාවිත කරන ලද ඔටුන්න වන අතර, 1953 දී එළිසබෙත් මහ රැජින විසින් ඇගේ රාජාභිෂේකයේ දී පැළඳ සිටියා.

එය 1661 දී දෙවන චාල්ස් රජු වෙනුවෙන් සාදන ලද්දක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?