තුන්වන චාල්ස්ගේ රාජාභිෂේකයට කිරුළ අලුත් වෙයි

2023 වසරේ මැයි 06 වනදා පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් එළිසබෙත් රැජිණ පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව බකිංහැම් මාළිගාව නිවේදනය කළේ ඔටුන්න සහ ආභරණවල ඓතිහාසික කේන්ද්‍රස්ථානය වන ලන්ඩන් කුළුණෙන් එය ඉවත් කර ඇති බවයි.

ශාන්ත එඩ්වඩ්ස් කිරුළ ලෙස හැදින්වෙන මෙම ඔටුන්න රාජාභිෂේකයෙන් පසුව නැවතත් තැන්පත් කර තැබෙන්නේ ලන්ඩන් කුළුණ තුළයි.

සම්ප්‍රදායට අනුව, වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන රාජාභිෂේක දේව මෙහෙයේදී රජු ශාන්ත එඩ්වඩ් කිරුළෙන් ඔටුනු පැළඳිය යුතු වනවා.

ඒ, අනුව මෙම ශාන්ත එඩ්වඩ් කිරුළ ලන්ඩන් කුළුණෙන් ඉවතට ගෙන මෙම කිරුළ නවීකරණය ආරම්භ කර ඇති බවයි බකිංහැම් මාලිගාව වැඩි දුරටත් සඳහන් කළේ.

ශාන්ත එඩ්වඩ් කිරුළ යනු ඔටුනු අභිෂේක අවස්ථාවේ ඓතිහාසිකව භාවිත කරන ලද ඔටුන්න වන අතර, 1953 දී එළිසබෙත් මහ රැජින විසින් ඇගේ රාජාභිෂේකයේ දී පැළඳ සිටියා.

එය 1661 දී දෙවන චාල්ස් රජු වෙනුවෙන් සාදන ලද්දක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04