චාමරට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

පොදු දේපළ පනත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (19) ඇප නියමකර තිබෙනවා.

ඌව පලාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදි 2016 වර්ෂයේ දි පෙර පාසල් ළමුන් සදහා පාසල් පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයදුම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරයේ දී මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් සලකා බැලීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළා.

මෙම නඩුව ලබන ඔක්තෝබර් 21 දින කැදවිමට ද මෙහිදී විනිසුරුවරයා නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?