චාමරට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

පොදු දේපළ පනත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (19) ඇප නියමකර තිබෙනවා.

ඌව පලාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදි 2016 වර්ෂයේ දි පෙර පාසල් ළමුන් සදහා පාසල් පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයදුම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරයේ දී මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් සලකා බැලීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළා.

මෙම නඩුව ලබන ඔක්තෝබර් 21 දින කැදවිමට ද මෙහිදී විනිසුරුවරයා නියෝග කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18