AFC Banner
Empty Ad
Empty Ad

චමුදිතට එරෙහිව චන්දිමාල් උසාවි යයි

මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සහ නිරෝධායන රීති උල්ලංඝනය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ නීතිඥවරයා වන මංජු ශ්‍රී චන්ද්‍රසේනසඳහන් කර ඇත්තේ සිය සේවාදායකයාගේ උපන්දින උත්සවයට සහභාගී වූ ආරාධිතයින්ට සහ තමන්ට අධිකරණයෙන් ඇප ලබා දීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි.

” අප මේ සම්බන්ධයෙන් පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා. අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මේ සම්බන්ධයන් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නවා” යැයි නීතිඥවරයා සඳහන් කර ඇත.

මේ අතර මුව ආවරණ නොමැතිව සහ සමාජ දුරස්ථභාවය තබා නොගනිමින් යුටියුබ් සමාජ මාධ්‍යයේ සම්මුඛ සාකච්ජාවකට එක්වීම සම්බන්ධයෙන් ද චමුදිත සමරවික්‍රමට එරෙහිව චන්දිමාල් ජයසිංහ විසින් තවත් පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?