චමරිගේ සුපිරි පන්දු යැවීම ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට පළමු ජය ගෙනදෙයි

2025 කාන්තා ලෝක කුසලාන එක්දින කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ජයග්‍රහණය ඊයේ (20) වාර්තා කළා.

මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පරාජය කරමින්.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ සුපිරි පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 07කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 04ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලකුණු 202ක් ලකුණු පුවරුවට එක් කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 85ක් රැස් කළ අතර චමරි අතපත්තු ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 46ක් එක් කළා.

පන්දු යැවීමේ දී ෂෝර්නා අක්ටර් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු තුනක් සහ රබෙයා ඛාන් කඩුලු 02ක් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 09ක් දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 195ක් පමණි.

මෙම තරගයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චමරි අතපත්තු බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දු වාරයේ පළමු පන්දු හතරේ දී කඩුලු 04ක් දවාගනිමින් ශ්‍රී ලංකාවට මෙම තියුණු ජයග්‍රහණය අත්කර දෙමින්, තමා ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර සිටින බව නැවත වරක් ඔප්පු කළා.

මෙහිදී අවසන් පන්දුවාරය තුළ ලකුණු 09ක් ඉලක්කයක් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට හිමි වූ අතර, ඔවුන්ට එම පන්දුවාර තුළ ලබාගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණයි.

මෙම ජයග්‍රහණත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට මුල් ස්ථාන තුනේ පසුවන ඕස්ට්‍රේලියාව, එංගලන්ත සහ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබා සිටිනවා.

ඒ, අනුව තවත් එක් කණ්ඩායමකට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
17
+1
3
+1
2
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21