නවසීලන්තයේ පැවැත්වෙන සුපර් ස්මෑෂ් කාන්තා තරගාවලියේ 21 වැනි තරගයෙන් ඕක්ලන්ඩ් පිලට එරෙහිව පැවති තරගය ලකුණු 19කින් ජය ගැනීමට නොදර්න් දිස්ත්‍රික් පිල සමත් විය.
මෙම තරගයේ ජයග්‍රහණය සදහා චමරි අතපත්තුගෙන් වේගවත් අර්ධ ශතකයක් දායක විය
මේ ජයග්‍රහණය සමඟ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ (6) සිට පියවරක් ඉහළට ඒමට ද නොදර්න් පිලට හැකි විය.
ඊයේ මවුන්ට් මවුන්ගනුයිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නොදර්න් පිල කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඕක්ලන්ඩ් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 114ක් පමණි.
ලකුණු 32ක් රැස් කළ නායිකා මැඩි ග්‍රීන් ඕක්ලන්ඩ් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, චමරි අතපත්තු ලකුණු 28කට කඩුල්ලක් දවා ගත්තාය.
පළමුව පන්දුවට පහරදුන් නොදර්න් ඉනිමට වේගවත් ආරම්භයක් දුන් චමරි අතපත්තු සුපර් ස්මෑෂ් තරගාවලියේ සිය මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 58ක් රැස් කර තිබුණේ පන්දු 38කදී හතරේ පහර 10ක් සමඟිනි.














