චම­රිගේ අර්ධ ශත­කය නොදර්න් පිලට ජය ගෙනේ

නවසීලන්තයේ පැවැත්වෙන සුපර් ස්මෑෂ් කාන්තා තරගාවලියේ 21 වැනි තරගයෙන් ඕක්ලන්ඩ් පිලට එරෙහිව පැවති තරගය ලකුණු 19කින් ජය ගැනීමට නොදර්න් දිස්ත්‍රික් පිල සමත් විය.

මෙම තරගයේ ජයග්‍රහණය සදහා චමරි අතපත්තුගෙන් වේගවත් අර්ධ ශතකයක් දායක විය

මේ ජයග්‍රහණය සමඟ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ (6) සිට පියවරක් ඉහළට ඒමට ද නොදර්න් පිලට හැකි විය.

ඊයේ මවුන්ට් මවුන්ගනුයිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නොදර්න් පිල කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඕක්ලන්ඩ් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 114ක් පමණි.

ලකුණු 32ක් රැස් කළ නායිකා මැඩි ග්‍රීන් ඕක්ලන්ඩ් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, චමරි අතපත්තු ලකුණු 28කට කඩුල්ලක් දවා ගත්තාය.

පළමුව පන්දුවට පහරදුන් නොදර්න් ඉනිමට වේගවත් ආරම්භයක් දුන් චමරි අතපත්තු සුපර් ස්මෑෂ් තරගාවලියේ සිය මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 58ක් රැස් කර තිබුණේ පන්දු 38කදී හතරේ පහර 10ක් සමඟිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
4
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03