චමරිගෙන් අදත් 50ක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය 11 වැනි අර්ධ ශතකය මීට ටික වේලාවකට පෙර රැස් කරගත්තා.

ඒ ආසියානු කුසලානයේ මේ වනවිට මැලේසියාවට එරෙහිව දඹුල්ලේ දී පැවැත්වෙන තරගයට එක්වෙමින්.

අද තරගයේ කාසියේ වාසිය දිනූ නායිකා චමරි තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් ලෙස පිටියට පැමිණියේ නායිකා චමරි අතපත්තු සමගින් විශ්මි ගුණරත්නයි.

පළමු කඩුල්ලට ශක්තිමත් ලකුණු සබඳතාවක් ගොඩනැගීමට චමරිට හා විශ්මිට නොහැකි වූ අතර; ඊට හේතුව වූයේ විශ්මි එක් ලකුණකට Suabika Manivannanගේ පන්දුවක් හමුවේ දැවී යාමට ලක් වීමයි.

කෙසේවෙතත් දෙවැනි කඩුල්ලට චමරි හර්ෂිතා සමරවික්‍රම සමග එක් ව පන්දු 51කට ලකුණු 64ක් රැස් කළා.

හර්ෂිතා Mahirah Izzati Ismailගේ පන්දුවකට ලකුණු 26ක් ලබා සිටියදී දැවී ගියා.

නායිකා චමරි සමගින් මේ වනවිට 03 වැනි කඩුල්ලට අනුෂ්කා සංජීවනී පිටියේ රැඳී සිටින අතර; ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ දී කඩුලු 02ක් දැවී ලකුණු 120ක් ලබා සිටිනවා.

චමරි නොදැවී පන්දු 54කට ලකුණු 73ක් රැස් කරගෙන සිටින්නේ හතරේ පහර 11ක් සහ හයේ පහර 02ක් ද සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58