චමරිගෙන් අදත් 50ක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය 11 වැනි අර්ධ ශතකය මීට ටික වේලාවකට පෙර රැස් කරගත්තා.

ඒ ආසියානු කුසලානයේ මේ වනවිට මැලේසියාවට එරෙහිව දඹුල්ලේ දී පැවැත්වෙන තරගයට එක්වෙමින්.

අද තරගයේ කාසියේ වාසිය දිනූ නායිකා චමරි තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් ලෙස පිටියට පැමිණියේ නායිකා චමරි අතපත්තු සමගින් විශ්මි ගුණරත්නයි.

පළමු කඩුල්ලට ශක්තිමත් ලකුණු සබඳතාවක් ගොඩනැගීමට චමරිට හා විශ්මිට නොහැකි වූ අතර; ඊට හේතුව වූයේ විශ්මි එක් ලකුණකට Suabika Manivannanගේ පන්දුවක් හමුවේ දැවී යාමට ලක් වීමයි.

කෙසේවෙතත් දෙවැනි කඩුල්ලට චමරි හර්ෂිතා සමරවික්‍රම සමග එක් ව පන්දු 51කට ලකුණු 64ක් රැස් කළා.

හර්ෂිතා Mahirah Izzati Ismailගේ පන්දුවකට ලකුණු 26ක් ලබා සිටියදී දැවී ගියා.

නායිකා චමරි සමගින් මේ වනවිට 03 වැනි කඩුල්ලට අනුෂ්කා සංජීවනී පිටියේ රැඳී සිටින අතර; ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ දී කඩුලු 02ක් දැවී ලකුණු 120ක් ලබා සිටිනවා.

චමරි නොදැවී පන්දු 54කට ලකුණු 73ක් රැස් කරගෙන සිටින්නේ හතරේ පහර 11ක් සහ හයේ පහර 02ක් ද සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?