චන්දිගෙන් කිවියන්ට එරෙහිව පළමු වරට ප්‍රවේසම්කාරී ශතකයක් – ගාල්ලේ වැඩිම ටෙස්ට් ශතකලාභීන් අතරත් ඉහළට (ඡායාරූප)

දිනේෂ් චන්දිමාල් සිය ජාත්‍යන්තර 16 වැනි ටෙස්ට් ශතකය මීට ටික වේලාවකට පෙර (26) ලබා ගැනීමට සමත් වුණා.

ඒ මේ වනවිට නවසීලන්තයට එරෙහිව ගාල්ලේ දී පැවැත්වෙන අවසන් හා දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින්.

දිනේෂ් චන්දිමාල්ගේ ටෙස්ට් ශතකයට දැවැන්ත හතරේ පහර 13ක් ද ඇතුළත්.

අද පෙරවරුවේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර නායක ධනංජය ද සිල්වා තීරණය කළේ පළමු ව ලකුණු රැස් කිරීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සමගින් දිමුත් කරුණාරත්නයි.

මෙම තරගයේදීත් පිත්තෙන් සාර්ථක වීමට නොහැකි වූ පැතුම් නිස්සංක ලකුණක් ලබා සිටියදී යළිත් ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයෙකු බවට පත් කරන්නට නවසීලන්තයේ නායක ටිම් සවුති සමත් වුණා.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ලට පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සමගින් එක් වූ චන්දි අගනා ලකුණු 122ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණු අතර ලකුණු 46ක් ලබා සිටි දිමුත් දුවද්දී දැවී යාමකට හසුවුණේ අවාසනාවන්ත ලෙසින්.

කෙසේවෙතත් තම අන්තය සුරැකිව තබා ගත් දිනේෂ් චන්දිමාල් මැතිව්ස් සමගින් එක් ව ප්‍රවේසම්කාරී පිතිකරණයක නිරත වෙමින් මෙම ශතකය ලබා ගත්තා.

මේ අතර චන්දි අද ලබාගත් ශතකය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ගාල්ල ක්‍රීඩාංගණයේ දී ශතකයක් ලබාගත් වැඩිපුරම වාර ගණනේ වාර්තා ලැයිස්තුවේ ද හෙතෙම තෙවැනි ස්ථානයට පැමිණියා.

ඒ මෙම ක්‍රීඩා පිටියේ දී ශතක 06ක් ලබාගත් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ඊට චන්දිමාල්ට ඉනිම් 38ක් වැය වී තිබෙනවා.

එහි පළමු තැන රැඳී සිටින්නේ ඉනිම් 37ක දී ශතක 07ක් රැස් කළ මහේල ජයවර්ධනයි.

දෙවැනි තැන කුමාර් සංගක්කාර හට හිමි ව තිබෙනවා.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් නවසීලන්තයට එරෙහිව ශතකයක් ලැබූ පළමු අවස්ථාව ද මෙය වනවා.

තුන්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින මැතිව්ස් නොදැවී ලකුණු 32ක් ලබා සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 02ක් දැවී ලකුණු 184ක් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?