AFC Banner
AFC Banner
Empty Ad

චන්දික හතුරුසිංහ BPL තරගාවලිය පට්ට ගසයි

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සර්කස් එකකට සමාන බව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

බී.පී.එල්. තරගාවලිය නරඹන ඇතැම් අවස්ථාවල දී තමන් රූපවාහිනිය ක්‍රියා විරහිත කරන බව ද හතුරුසිංහ වැඩිදුරටත් සඳහන් කරනවා.

ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් හතුරුසිංහ මෙම අදහස් දක්වා තිබෙනවා.

මේ අතර බංග්ලාදේශ ජාතික කණ්ඩායමට අවශ්‍ය භූමිකාවන් කරා ක්‍රීඩකයින්ට වර්ධනය වීමට උපකාර කිරීම සඳහා බී.පී.එල්. වලට පෙර තවත් තරඟාවලියක් පැවැත්වීමට හතුරුසිංහ යෝජනා කරනවා.

බංග්ලාදේශයේ ෆ්‍රැන්චයිස් තරඟාවලිය 2012 සිට ක්‍රියාත්මක වන අතර, මෙම තරගාවලිය මුදල් ගැවසෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට පිටුපස ඇති දෙවන හොඳම ෆ්‍රැන්චයිස් ලීගය ලෙස කලක් හඳුන්වනු ලැබුවා.

කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා ඇති වූ ගැටළු රාශියක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ්, පකිස්ථාන සුපර් ලීග් සහ කැරිබියන් වැනි අනෙකුත් ලීගවලට වඩා පසුපසට වැටී තිබෙනවා.

“දැන් පවතින ක්‍රමය ගැන මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මැදිහත් විය යුතුයි. අපේ පාලක මණ්ඩලය අපි ගැන යමක් කළ යුතුයි. යම් නීතිරීති තිබිය යුතුයි. ක්‍රීඩකයෙක් එක් තරඟාවලියක් ක්‍රීඩා කර තවත් තරඟාවලියක් ක්‍රීඩා කරනවා. හරියට සර්කස් එකක් වගේ, ක්‍රීඩකයන් අවස්ථා ගැන කතා කරනවා, නමුත් එය නිවැරදි නෑ, මිනිසුන්ගේ උනන්දුව නැති වී යනවා, මටත් උනන්දුව නැති වී ගිහින්.” යනුවෙන් චන්දික හතුරුසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?