ඝාතකයෙකු ගිනි අවියක් සමග ගුවන්තොටේ දී අත්අඩංගුවට

කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගිනි අවියක්, එයට යොදන පතොරම් 12ක් සහ පතොරම් ගැබක් සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (09) දින රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු 41 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවත් ඔහු ප්‍රභාත් කෝකිල මෙන්ඩිස් නමැති රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු ගුවන් මගියෙකු පිටත් කර හැරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියදී, ඔහු කිසියම් අවශ්‍යතාවක් සඳහා බිමට පහත් වී සිටියදී, ඔහුගේ ඇඳ සිටි කලිසම් සාක්කුවේ රඳවා තබාගෙන සිටි මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවිය, එම පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරීවල නිරත වී සිටි පොලිස් සැරයන්වරයෙකුට නිරීක්ෂණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

මෙම ගිනි අවිය සඳහා සැකකරු හට බලපත්‍රයක් නොතිබුණ අතර මහජනතාව අධික ලෙස ගැවසෙන, සිවිල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක පිටත්වීමේ පර්යන්තයේ මෙවැනි ගිනි අවියක් තබා ගෙන සිටීම දැඩි වරදක් වනු ඇති.

පසුව ඔහු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත රැගෙන ගොස් වැඩිදුරටත් පරීක්ෂා කිරීමේ දී සී – ඉසෙඩ් – පී – 10- සී. වර්ගයේ මිලිමීටර් 09 චෙකෝස්ලොවේකියාවේ නිෂ්පාදිත ජී.- 452056 දරන ගිනිඅවිය, එයට යොදන පතොරම් 12ක් තවත් අතිරේක පතොරම් ගැබක් සහ රුපියල් 97,000ක මුදලක් ද පොලීසිය විසින් සොයාගනු ලැබුවා.

මෙම පුද්ගලයා 2018 දෙසැම්බර් 20 වැනි දින ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබදව චෝදනා ලබා ඇති බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක එම්.ජී.චන්දන සහ පොලිස් සැරයන් පතිරත්න යන නිලධාරීන් විසින් සිදු කෙරුණා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පුද්ගලයා සහ සන්තකයෙහි පැවති ගිනිඅවිය, පතොරම් සහ මුදල් තොගය පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?